ශ්‍රී ලංකිකයන් සඳහා සෞදියේ වැඩි රැකියා අවස්ථා

නොවැ 09, 2022

    ඉදිකිරිම් සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර සඳහා වැඩි ශ්‍රී ලංකිකයන් පිරිසක් බඳවාගැනීමටත්, ගෘහ සේවිකාවන්ගේ අවම වැටුප ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් සෞදි අරාබි රජය එකගතාව පළ කර තිබෙනවා.  

    සෞදි අරාබියේ මානව සම්පත් සහ සමාජ සංවර්ධන අමාත්‍ය අහමද් බින් සුලෙයිමාන් සහ අමාත්‍ය මනුෂ නානායක්කාර මහත්වරුන් අතර ඊයේ (08) පැවති සාකච්ඡාවකදී, මෙම එකඟතාවට එළඹ තිබෙනවා. ඉදිකිරීම් සහ සෞඛ්‍ය ‍ක්ෂේත්‍රයේ බඳවාගැනීම් සඳහා ද්වීපාර්ශ්වීය කමිටු දෙකක් පත් කිරීමටත් ගෘහ සේවිකාවන් බඳවාගැනීමේදී පවතින අක්‍රමිකතා සොයා බැලීම සඳහා දින 30ක් තුළ නිර්දේශ ඉදිරිපත් කිරීමට උපදේශන කමිටුවක් පත් කිරීමටත් සුලෙයිමාන් මහතා මෙහිදි සිය කැමැත්ත පළ කර තිබෙනවා.

    මෙරට ශ්‍රමිකයන්ට දැනට ගෙවනු ලබන වැටුප ඉහළ නැංවීමටද ඔහු ගේ එකඟතාව පළ වුණා. පිලිපීනයට හා බග්ලාදේශයට පමණක් විවෘත කර තිබු ඉදිකිරීම් ක‍්ෂේත්‍රයේ රැකියා අංශ ගණනාවක් ශ්‍රීලාංකික පුහුණු ශ්‍රමිකයන්ට විවෘති කිරීමට නියමිතයි. සේවක අක්‍රමිකතා සිදු කළ රැකියා නියෝජිත ආයතන 400ක් පමණ වසා දැමීමට දෙරටේ අමාත්‍යවරුන් එකඟතාව පළ කළා.

    Latest News