දිස්ත්‍රික්ක 7කට නායයෑමේ අනතුරු අගවයි

නොවැ 07, 2022

    දිස්ත්‍රික්ක හතක් තවදුරටත් නායයෑමේ අවදානම් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

    බදුල්ල , මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොනරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්වලට එම අවදානම් තත්ත්වය බලපා ඇති බව එම සංවිධානය සඳහන් කළේය.

    කෙසේවෙතත් මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කෝරළයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ ජනතාව පස් කඳු කඩා වැටීම් සහ නායයෑම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම්දෙයි.

    අවදානම් සහිත ස්ථානවලින් ඉවත්වීමේ නිවේදනයක් ද එම ප්‍රදේශයට නිකුත් කර ඇති බව සඳහන්ය.

    එම ප්‍රදේශයට පසුගිය පැය 24ක කාලය තුළ මිලිමීටර් 150 ඉක්මවු වර්ෂාපතනයක් ලැබී ඇති බව ජාතික ගොනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

    මේ අතර අද දිනයේ සවස් කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    Latest News