වෙරළට ගොඩගැසු කේරළ ගංජා නාවික හමුදා භාරයට (විඩියෝ)

මාර් 20, 2019
  • තලේමන්නාරම ඌරුමලේ ප්‍රදේශයෙන් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 150 අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයාගන තිබේ.

    උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික භට පිරිසක් අද (20) උදෑසන සිදුකල සොදිසි මෙහෙයුමකදී තලේමන්නාරම, ඌරුමලේ වෙරළ තීරයට ගොඩගසා තිබූ සැකකටයුතු ගෝනි 05 ක් සොයා ගත් බව නාවික හමුදාව පවසයි.

    පසුව ඒවා පරික්ෂා කිරිමේදි පාර්සල් වශයෙන් තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 150 කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත. තවදුරටත් නාවික හමුදාව විසින් එම ප්‍රදේශයේ සොදිසි මෙහෙයුම් සිදු කරමින් පවතී.

    Last modified on බදාදා, 20 මාර්තු 2019 12:45

    Latest News