පාලන මිල ඉක්මවා බිත්තර අලෙවිකරන වෙළඳුන් සොයා මෙහෙයුම්

නොවැ 04, 2022

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාලන මිල ඉක්මවා, බිත්තර අලෙවිකරන වෙළෙඳසැල් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

    කොළඹ දිස්ත්‍රික්කයේ ‍ප්‍රදේශ කිහිපයක ඊයේ සිදු කළ පරීක්ෂා කිරීම්වලදී පාලන මිලට වැඩියෙන් බිත්තර අලෙවි කරමින් සිටි වෙළෙඳසැල්වලට නඩු පැවරීමට පියවර ගැනුණා.දෙමටගොඩ සහ මරදාන යන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් සෝදිසි පරීක්ෂාව සිදු කරන ලද්දේ, පාරිභෝගික අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් ඒකකය විසින්.

    ඒ, දින කිහිපයක සිට පාලන මිල ඉක්මවා බිත්තර අලෙවිකරන බවට ලැබුණු පැමිණිලිවලට අනුවයි. රුපියල් 50 ක පමණ මිලකට බිත්තර අලෙවි කිරීමට අවසර ලබා දී ඇති අතර, ඇතැම් වෙළෙඳුන් එම මිල ඉක්මවා රුපියල් 52, 55, 56 වැනි අධික මිලකට බිත්තර අලෙවි කරන බවයි, හෙළි වී ඇත්තේ.

    මෙම පරීක්ෂාවේදී සොයා ගත් නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, විත්තිකරුවන් බැඳුම්කරයක් මත එම ස්ථානයේදීම නිදහස් කෙරුණු බව, අප වාර්තාකරු සඳහන් කළා. ඇතැම් වෙළෙඳුන් උත්සව සමය ඉලක්ක කර බිත්තර මිල ඉහළ දමමින් සිටින බවට ද තොරතුරු ලැබී තිබෙනවා. කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාගේ සහ පාරිභෝගික අධිකාරියේ ඉහළ නිලධාරීන්ගේ උපදෙස් පරිදි හදිසි පරීක්ෂා කිරීම් ක්‍රියාත්මකයි.

    Latest News