ආදායම් බදු පනත සංශෝධනට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ

ඔක් 31, 2022

    රජය විසින් පාර් ලිමේන්තුවට ඉදිරිපත් කළ තිබෙන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි, ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් විභාගය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වුණා. 

    බුවනෙක අලුවිහාරේ, මුර්ද ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වෙනවා.

    පෙත්සම් විභාගය ආරම්භ කරමින් පෙත්සම්කාර පාර් ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු විසින් කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබෙනවා. 

    අදාළ පනත් කෙටුම්පත් අභියෝගයට ලක් කරමින් මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා අධිකරණ නිලධාරින්ගේ සංගමය ඇතුළු පාර්ශව කීපයක් විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

    යෝජිත පනත් කෙටුම්පත තුළින් පුද්ගලයකු විසින් මාසිකව ආදායම් බදු වශයෙන් ගෙවිය යුතු ආදායම් සීමාව රුපියල් දෙලක්ෂ පනස් දහසේ සිට ලක්ෂයක් දක්වා අඩු කිරීමට ගෙන ඇති තීරණය ඇතුළු එහි අන්තර්ගත වගන්ති කීපයක් තුළින මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදුවන බව පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

    එබැවින් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර් ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

    Last modified on සදුදා, 31 ඔක්තෝබර් 2022 11:15

    Latest News