දරුවාට වෙඩි වැදුණු සිද්ධියේ SI රිමාන්ඩ්

ඔක් 29, 2022

    මාතර තිහගොඩ ප්‍රදේශ‍යේදී පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මක වී  දරුවෙකුට තුවාල ලැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිහගොඩ උපපොලිස් පරීක්ෂණකවරයා නොවැම්බර් මස 02 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ,තුවාල ලැබු දරුවාගේ තත්වය තරමක් යහපත් බවයි. මාතර තිහගොඩ, මිදැල්ලවල ප්‍රදේශයේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණේ, ඊයේ සවස 4.30 ට පමණ.

    තිහගොඩ පොලිස්  ස්ථානයේ අපරාධ අංශයේ පිරිසක් පොලිසියට අයත් ත්‍රිරෝද රථයකින් මෙහෙයුමක් සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටියදී මාර්ගයේ ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයක් හඹා ගොස් නවත්වා පරික්ෂා කර තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් දරුවාගේ හිසට බරපතල තුවාල සිදුව තිබුණා. අනතුරුව ඔහු මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය මහ රෝහලට මාරු කර යවනු ලැබුවා.

    මෙලෙස වෙඩි වැදිමකට ලක්ව තිබුණේ නායිම්බල කටුවන්තුඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක සංඛ්‍ය දේශාන් නැමැති පාසල් සිසුවෙක්. මෙම සිදුවිමත් සමග ප්‍රදේශවාසීන් තිහගොඩ ප්‍රදේශයට පැමිණිමත් සමග එහි නොසන්සුන්තාවයක් හට ගත්තා. එම අවස්ථාවේ එම ස්ථානයේ තිබු පොලිස් ජීප්රථයකටද ගල් ප්‍රහාරයක් එල්ල වුණා. සිද්ධිය වාර්තාවීමත් සමග දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා තිහගොඩ පොලිස් ස්ථානයට පැමිණියා.

    මේ අතර වෙඩිවැදුනු දරුවා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍යකර්මයකට භාජනය කර තිබුණා. දරුවාගේ හිසෙහි සිදු අධික රුධිර වාහනය නැවැත්වීම සඳහා එම ශල්‍යකර්මය සිදු කළ බවයි වෛද්‍යවරු සඳහන් කළේ. දරුවා රෝහලට ඇතුළත් කරන අවස්ථාවට වඩා තරමක් යහපත් බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. මේ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරින් ද වෙඩි ප්‍රහාරය එල්ල වූ ස්ථානයට අද පෙරවරුවේ පැමිණ ස්ථානීය පරික්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව ප්‍රකාශයක් සටහන් කර ගත්තා.

    සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා මිනිමැරී‍මට තැත්කිරීමේ චෝදනාව යටතේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරව ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. සැකකරු මෙම සිද්ධිය තමා අතින් සිදුවූ බවට අධිකරණයේ පිළිගෙන තිබෙනවා. පොලිස් අධිකාරිවරයෙකුගේ යටතේ මේ පිළිබඳ විශේෂ විමර්ශනයක් ද ක්‍රියාත්මකයි.  

    Last modified on සෙනසුරාදා, 29 ඔක්තෝබර් 2022 19:08

    Latest News