IMF හා මෙරට ණය හිමියන් අතර, තීරණාත්මක සාකච්ඡාවක් ලබන 03 වැනිදා...

ඔක් 28, 2022

    අන්තර් ජාතික මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර, තවත් තීරණාත්මක සාකච්ඡාවක් ලබන මස තුන්වැනිදා පැවැත්වෙනවා.

    ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එහිදී දීර් ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි, ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් හා ජනාධිපති කාර් ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා අතර, ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කෙරුණා.

    තම සේවා කාලය නිම කර මෙරටින් පිටත්ව යන අන්තර් ජාතික ‍මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත “ටුබගස් ෆෙරිධනු සෙට්්‍යාවන්” හා නව සේවාසික නියෝජිත සර්වත් ජහාන් යන මහත්ම මහත්මීන් සාකච්ඡාවට එක්වුණා. ණය ප්‍රති ්‍යුහගත කිරීමේ පූර් ව ක්‍රියාමාර් ග මෙන්ම ණය හිමියන්ගේ සමුළුව පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු වී තිබෙනවා. සාකච්ඡා කෙරුණු කරුණු පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර ඔහුගේ ප්‍රතිචාරය කඩිනමින් දැනුම් දීමට අපේක්ෂා කරන බවයි, සාගල රත්නායක මහතා අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ට සඳහන් ක‍ළේ. ආර් ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්.‍එච්.එස්. සමරතුංග මහතා ද සාකච්ඡාවට එක්වුණා.

    Latest News