අදත් බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි...

ඔක් 22, 2022

    උතුරු අන්දමන් දූපත ආශ්‍රිත මුහුදේ අඩු පීඩන තත්වය, සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු පළ වී  ඇති බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව   පවසනවා.

    ශ්‍රී ලංකාවට ඉන් බලපෑමක් ඇති නොවන අතර, ලබන 25 වැනිදා සිට ගාල්ල, මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු තීරයේ ‍සුළං තත්වයේ යම් වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණය තවදුරටත්  බලාපොරොත්තු විය හැකියි. දිවයිනේ නිරිත දිග කොටස ඇතුළු බො‍හෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි අපේක්‍ෂා කෙරෙනවා.

    නැගෙනහිර, ඌව යන පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.  තාවකාලික තද සුළං හා  අකුණු මගින් විය හැකි  අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා  දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.   

    Latest News