ප්‍රබන්ධ සඳහා වූ බුකර් සම්මානය ෂෙහාන් කරුණාතිලකට

ඔක් 18, 2022

    මේ වසරේ "බුකර්" සම්මානය   ෂෙහාන් කරුණාතිලකගේ"ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා" 'The Seven moons of Maali Almeida'කෘතියට හිමි වී තිබෙනවා‍. ශ්‍රී ලාංකිකයෙක් මෙම සම්මානය දිනා ගත් දෙවැනි ‍අවස්ථාව මෙයයි.

    "බුකර්" සම්මානය    දෙවැනි වන්නේ සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගයට පමණි. මෙම සම්මානය පිරිනැමුනේ, ඔහු විසින් රචිත ශ්‍රී  ලංකා‍වේ යුද්ධය පිළිබඳ ලියවුණු එක්සත් රාජධානියේ ප්‍රකාශයට පත් කරන ලද ප්‍රබන්ධ කෘතියක් වෙනුවෙන්. මෙම සම්මානය පිරිනමනු ලැබුවේ බ්‍රිතාන්‍යය - චාල්ස් රජුගේ ආර්යාව වන කැමිලා ආර්යාව විසින්.

    ඒ සඳහා පවුම් 50,000 ක් එනම් ලංකා මුදලින් කෝටි දෙකක පමණ ‍මුදලක් ඔහුට හිමි වුණා.

    මීට පෙර ශ්‍රී ලාංකික ගත්කතුවරයෙකු වූ මයිකල් ඔන්ඩච්චි විසින් රචිත "දි ඉංග්ලිෂ් පේෂන්ට්" යන කෘතියට මෙම  සම්මානය හිමි වුණා.

    Shehan Karunathilak 900px

     

    Last modified on අඟහරුවාදා, 18 ඔක්තෝබර් 2022 10:06

    Latest News