කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනය යථාතත්වයට

ඔක් 10, 2022

    කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා කොටසේ දුම්රිය ධාවන කටයුතු අද (10) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර් තමේන්තුව පවසයි. 

    එම මාර් ගයේ පාලමක අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ඉකුත් පසුගිය 07 වැනිදා රාත්‍රියේ 8:30 සිට ඊයේ (09) රාත්‍රිය දක්වා එම කොටස තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබිණ.

    ඒ හේතුවෙන් එම මාර් ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට කොස්ගම දක්වා සීමා කර තිබිණ. 

    Latest News