මුහම්මද් නබිතුමාගේ ඡන්ම දිනය අද

ඔක් 09, 2022

    මිලාදුන් නබි උත්සවය හෙවත් මුහම්මද් නබි තුමාගේ ඡන්ම දිනය අදයි. එය සිහිකරමින් ‍ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් ආගමික වතාවත්වල නිරත වනවා.

    මීට වසර 1400කට පෙර සෞදි අරාබි‍යේ මක්කම නගරයේදී මුහම්මද් නබි තුමා උපත ලද බව , ඉස්ලාම් ඉතිහාසයේ සඳහන්. අශිලාචාර ක්‍රියාකාරකම් පැවති යුගයක උපත ලැබි නබි තුමා සියලු ජනතාව ඒකරාශී කරමින් ඉස්ලාම් දහමේ සාමය හා සමානාත්මතාව ව්‍යාප්ත කිරීම‍ට ක්‍රියා කළා.

    අල්ලා දෙවියන්ගේ අණ ලෝක ජනතාවට පැහැදිළි කළ එතුමා ආධ්‍යාත්මික ජීවිතයෙන් මිනිසාගේ මනස හා සිතුවිලි වර්ධනය කිරීමට හැකිවන ආකාරය ද පෙන්වා දුන්නා. දිවයින පුරා පිහිටි පල්ලිවලදී අද නබි නායකතුමාගේ ඡන්ම දිනය සමරනු ලැබුවා.

     

    ලොව පුරා වාසය කරන ඉස්ලාමීය බැතිමතුන්ගේ ආගමික ශාස්තෘවරයා වශයෙන් මුහම්මද් නබි නායක තුමාගේ දර්ශනය අන් කවරදාටත් වඩා අද සමාජයේ පවතින තත්වය සමනය කර ගැනීමට  මනා පිටිවහලක් වන බව, තම විශ්වාසයයැයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    අදට යෙදී ඇති නබි නායක තුමාගේ ඡන්ම දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා සඳහන් කරන්නේ‍, මානවීය ගුණයෙන් උසස් ලෙස උපදින සියලු දෙනා එකිනෙකා පරයා යෑමට දරන උත්සාහය වෙනුවෙට එකිනෙකා පිළිවඳ අවබෝධයෙන් කටයුතු කිරීමට නබි නායක තුමාගේ දර්ශනය ප්‍රායෝගිකව ජීවිතය හා බද්ධ කරගැනීම එතුමන්ට කරනු ලබන පූජෝපහාරයක් බවයි.

    නබි නායක තුමාගේ පහළ වීම යනු එතුමාගේ දර්ශනය සමස්ත මානව ප්‍රජාව මෙන්ම අන්‍ය සියල්ලෙහි ආරක්ෂාව, පරිහරණය, ගෞරවය හා අවංකභාවයේ ද සත්‍යය මූර්තිමත් කරන්නක්. එතුමාගේ දර්ශනයට අනුව ස්වකීය ජීවිතය හැඩගස්වා ගැනීමෙන් ආධ්‍යත්මික වශයෙන් පමණක් නොව

    සාමාජීය වශයෙන් ද ජීවිතයට ජයග්‍රහණ ළඟාකර ගැනීමට උපකාරී වන බව, ජනාධිපතිතුමා සිය පණිවුඩයෙන්‍ පෙන්වා දෙනවා. අල් අමීන් හෙවත් "විශ්වාසවන්තයා" යන පර්යාය නාමයෙන් හඳුන්වන ‍මුහම්මද් නබි නායක තුමන්ගේ උපන් දිනය ශ්‍රී ලාංකීය සහ සමස්ත ලෝකවාසී ඉස්ලාමීය ඇතුළු සෙසු ජාතීන්ගේ ද ආධ්‍යාත්මික සහ සමාජීය ප්‍රගමණයට හා ශාන්තියට හේතුවේවායි, ජනාධිපතිතුමා ප්‍රාර්ථනා කරනවා.

    Latest News