මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට...

ඔක් 08, 2022

    ඊයේ (07) සවස මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    පොලිස් විශේෂ කාර්ය බලකා කතරගම කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත තිස්සමහාරාම, දිවුල්පල්ලම ප්‍රදේශයේ දී අදාළ වැටලීම සිදුකර ඇත.  අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වන තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තිස්සමහාරාම පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

    Latest News