කෝපා සභාපති කබීර් හෂීම්

ඔක් 05, 2022
    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපතිධූරය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා නම්කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය. 
    ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟත්වය පළ වූ බව ද ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේය. 
    එහි සභාපතිවරය ලෙස මීට පෙර කටයුතු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතායි. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද (05) පළමු වරට රැස්විය

    Latest News