පක්ෂය රැකීමට දිවි හිමියෙන් කැපවූ කිසිවෙකු කිසිදා අමතක කරන්නේ නෑ..කබීර් හෂීම්

ඔක් 03, 2019

    දිවි හිමියෙන් එක්සත් ජාතික පක්ෂය රැකීමට ඉදිරිපත්වී සිටින පාක්ෂිකයන් මෙන්ම ක්‍රියාකාරී සාමාජිකයින් කිසිවෙකු අමතක නොකරන බව එජාප සභාපති කබීර් හෂීම් විශේෂ සම්මේලනය අමතමින් පවසයි.

    පසුගිය පාලන සමයේ දී ජීවිත පරදුවට තබා ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට මෙන්ම රාජ්‍ය ත්‍රස්තවාදයෙන් රට මුද ගැනීමට එක්සත් ජාතික පාක්ෂිකයින් පෙරට පැමිණීම අගයකළ යුතු බව ඔහු කියා සිටියේය. එක්සත් ජාතික පක්ෂය ඉදිරිය ගැන හිතට පක්ෂයක් ලෙස තරුණයින්ට අවස්ථාව ලබාදීම අපේ පක්ෂයේ ප්‍රමුඛතම අරමුණයි.

    ඒ අනූවයි, තරුණ නායකයෙකු ජනාධිපති ධුරයට ගෙන ඒමට පක්ෂයේ නායකත්වය ප්‍රමුඛ සමස්ත පක්ෂයම මේ අවස්ථාව කැපවී සිටින බව ද වි‍ශේෂ සම්මේලනය අමතමින් කබීර් හෂීම් මහතා පවසයි.

    Latest News