ශ්‍රී ලංකා - අයිස්ලන්ත හුවමාරු වැඩසටහන් ඉහළ නැංවීමෙන් ප්‍රතිලාභ අත්විදිය හැකි බව, එරට ජනපති පවසයි

ඔක් 04, 2022

    ශ්‍රී ලංකාව සහ අයිස්ලන්තය අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම අපේක්‍ෂා කරන බව, අයිස්ලන්ත ජනාධිපති ගුඕනි යොහැන්සන් මහතා පවසනවා. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම නිමිත්තෙන්  සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමිනුයි, අයිස්ලන්ත ජනාධිපතිවරයා මේ බව කියා සිටින්නේ.

    සමාජ සංහිදියාව රැක ගනිමින් ආර්ථික අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි, තමන් විශ්වාස කරන බවද, යොහැන්සන් මහතා සිය සුබපැතුම් පණිවුඩයේ සඳහන් කර ති‍බෙනවා.

    අයිස්ලන්තයේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර මනා සබැඳියාවක් පවතින බවත්, දෙරට අතර හුවමාරු වැඩසටහන්  ඉහළ නැංවීම තුළින් දෙරටටම සැලකිය යුතු ප්‍රතිලාභ අත්විදිය හැකි බවත්, අයිස්ලන්ත ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

    මෙරට ඉහළ උද්ධමනය  පිළිබඳ සඳහන් කරමින්  අයිස්ලන්ත ජනාධිපතිවරයා කියා සිටින්නේ, මෙය පොදු ගැටලුවක් බවයි.

    මෑත කාලීන වසංගත හා පාරිසරික තර්ජන වැනි ගැටලුවලදී සියලු දෙනා එක්ව කටයුතු කිරීමේ වැදගත්කමද ඔහු සිය සුබපැතුම් පණිවුඩයෙන්  ‍පෙන්වා දෙනවා.    

    Latest News