“ත්‍රිපිටකාභිවන්දනා සතිය“ වැඩසටහන් රැසක් ඉන්දියාවේ (වීඩියෝ)

මාර් 17, 2019

    “ත්‍රිපිටකාභිවන්දනා සතිය“ නිමිත්තෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වැඩසටහන් රැසක් සංවිධාන කර තිබේ.

    ඒ, එරට බෞද්ධ සංවිධාන සමඟ එක්වයි. පළමු වැඩසටහන ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් බුද්ධගයාවේදී ඊයේ පැවැත්විණ. ථෙරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස සියලු බෞද්ධ රටවල සහයෝගයෙන් යුනෙස්කෝ සංවිධානයට ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ යෝජනාව සහ එහි වැදගත්කම පිළිබඳව මෙහිදී පැහැදිළි කරනු ලැබීය.

    ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගත් පියවර සියලු බෞද්ධ භික්‍ෂුන් වහන්සේගේ සහ සැදැහැවතුන්ගේ විශේෂ ඇගැයීමට ලක්විය. මෙහිදී දානමය පිංකමක් ද පැවැත්විණ.

    මහා බෝධි සංගමයේ ප්‍රධානී පූජ්‍ය සද්ධාතිස්ස හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

    Last modified on ඉරිදා, 17 මාර්තු 2019 20:13

    Latest News