“මුණි සිරිපා වන්දනා“ පැන් පෙරහැරේ දෙවැනි දිනය අද (වීඩියෝ)

මාර් 17, 2019

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සමඟ එක්ව ලංකා බැංකුව සංවිධාන කරන “මුණි සිරිපා වන්දනා“ වැඩසටහනට සමගාමී පැන් පෙරහරේ දෙවැනි දිනය අදයි.

    අදත්, බැතිමතුන් විශාල පිරිසක් මඟ දෙපස සිට පැන් පෙරහැරට පූජෝපහාර පුද කළේය. සිව් මහා ගංගාවන්ගෙන් ලබාගත් පැන් ඊයේ කැලණිය රජමහා විහාරයේ තැන්පත් කර තිබිණ. ඒවා පෙරහැරකින් ශ්‍රී පාදස්ථානය දක්වා වැඩම කරනු ඇත. පෙරහැර අද ආරම්භ වුණේ, කැළණිය රජමහා විහාරය අසළින්.

    මුණි සිරිපා වන්දනා පැන් පෙරහැරට අවිස්සාවේල්ල නගරයේ දී විශාල බැතිමතුන් පිරිසක් පූජෝපහාර දැක්වූහ. පැන් පෙරහැර අද සවස මාවුස්සාකැලේ නගරයට ළඟා විය. එහිදී ද බැතිමතුන් විශාල පිරිසක් පැන් පෙරහැරට පූජෝපහාර පුද කළේය. ලබන 19 වැනිදා ශ්‍රී පාදස්ථානය වෙත රැගෙන යන එම පැන් යොදා ගෙන, මැදින් පොහොය දින නානුමුර මංගල්‍යයක් පැවැත්වීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 17 මාර්තු 2019 19:56

    Latest News