ජනපති, ජපාන අගමැති සහ අධිරාජ්‍යා හමුවෙයි.

සැප් 28, 2022

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂිඩා මහතා අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වුණා.

    ඒ, ටෝකියෝ නුවර අකසාකා මාලිගාවේදී. ජපාන අග්‍රාමාත්‍යවරයා මෙහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගත් අතර, ජනාධිපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සිය සුභාශිංසන එක් කළා. ශ්‍රී ලංකා‍ව සහ ජපානය අතර අතීතයේ සිට පැවතෙන සමීප සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම හා ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව නායක දෙපළ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළා.

    ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යා අතර හමුවක් ද අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ, අධිරාජ්‍යයාගේ නිල නිවස වන ටෝකියෝ නුවර ඉම්පීරියල් මන්දිරයේදී. එහි පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා නරුහිතෝ අධිරාජ්‍යයා විසින් ඉතා සුහදශීලීව පිළිගනු ලැබුවා.

    ජපානයේ දෙදින නිල චාරිකාවක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ පිලිපීනයේ මැනිලා නුවරට ළඟාවුණා. ජනාධිපතිවරයා එහිදී පිලිපීන ජනාධිපතිවරයා මුණගැසි ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. මැනිලා නුවර දි ආරම්භ වන ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන පාලක මණ්ඩල රැස්වීමට ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හෙට සහභාගි වන අතර, එම රැස්වීමේ මුලසුන හිමිව ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වීම ද විශේෂත්වයක්.‍

    Latest News