වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මරුට...

සැප් 24, 2022

    සීගිරිය කලාපුරය ප්‍රදේශයේ පා පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වන අලියෙකු විසින් ඊයේ පහරදී තිබෙනවා.

    උදෑසන 06.30ට පමණ නිවසේ සිට පා පැදියෙන් ගොස් හරකුන්ගෙන් කිරි දොවා ගෙන නැවත පැමිණෙමින් සිටියදී ඔහු මෙසේ අලි ප්‍රහාරයකට ලක්ව ඇත. මෙම වන අලියා මියගිය පුද්ගලයා පැමිණි පාපැදියට පහරදී විශාල කාලයක් මෙම මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය සමග ක්‍රීඩා කොට ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. ඒ හේතුවෙන් මියගිය පුද්ගලයාගේ සිරුරට දැඩි ලෙස හානිසිදුව තිබෙනවා.

    Latest News