ඉකුත් ‍අගෝස්තු 25 වැනිදා පිරිනැමූ ගල්අඟුරු ටෙන්ඩරය අවලංගු කෙරේ...

සැප් 23, 2022

    ඉකුත් අගෝස්තු 25 වැනි දින පිරිනමන ලද ගල්අඟුරු ටෙන්ඩරය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

    පවරා ඇති නඩු සහ ගෙවීම් සහතික අවධානමක් පවතින බව, සඳහන් කරමින් ටෙන්ඩරයට අනුකූලව කටයුතු කළ නොහැකි බව, තෝරාගත් සැපයුම්කරු දැනුම්දීමත් සමග මෙම තීරණය ගත් බවයි, අමාත්‍ය කංචන විජේසේකර මහතා ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ.   දීර්ඝකාලීන ණය පදනම මත ගල්අඟුරු සැපයීම සඳහා හැකියාව ඇති ඕනෑම සුදුසු සැපයුම්කරුවෙකුට ඉඩ සලසන නව ජාත්‍යන්තර විවෘත තරගකාරී ටෙන්ඩරයක් ලංකා ගල්අඟුරු සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    දැනට මතුව ඇති ගල්අඟුරු හිඟය මගහරවා ගැනීමට ඉකුත් වසරේ නිකුත් කර ඇති ටෙන්ඩරයට අනුව ලැබීමට නියමිත ගල්අඟුරු තොග කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් කියා සිටියා. එමෙන්ම ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී, ද විදුලි කප්පාදුව අවම කිරීම සඳහා ජාතික අවශ්‍යතාවක් සේ සලකා අවශ්‍ය පියවර ගැනීමට විෂයභාර අමාත්‍යවරයාට සහ ඊට සම්බන්ධ අනුකමිටුවලට අමාත්‍ය මණ්ඩලය බලය පවරා තිබෙනවා.  

    Latest News