පාතාලය දෙදරවමින් අපරාධ ගණනාවක් හෙළි කළ STF මෙහෙයුමක්

මාර් 16, 2019

    විශේෂ කාර්පය බලකායේ  අත්අඩංගුවට පත් වු අපරාධ කල්ලී සමාජිකයින් සම්බන්ධ අපරාද ගණනාවක් අනාවරනය වි තිබේ.

    මේ වන විට ඩුබායි හි සැගවී සිටින දකුණේ පාතාල කල්ලි නායකයෙක් වන කොස්ගොඩ සුජී නැමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරු බව සඳහන් හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජික කෙනඩි නොහොත් බුම්මාගේ ජා- ඇළ වැලිගම්පිටියේ පිහිටි ආරක්ෂක නිවස්නයක් වැටලූ පොලිස් විශේෂ කාර්ය බළකාය එහි තිබී මත්ද්‍රව්‍ය ‍තොගයක් සමඟ ගිනි අවි රැසක් ද සොයාගෙන තිබේ. ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු නොහොත් බුම්මා එල්. ටී. ටී. ඊයේ චාල්ස් ඇන්තනී බළකායේ සිටි වෙඩික්කරුවෙකි. යුද්ධය නිමාවීමෙන් පසු හමුදාවට භාරවී වසර තුනක් පුනරුත්ථාපනය වී ඇති ඔහු එහි දී කොස්ගොඩ සුජී නමැති පාතාල කල්ලි නායකයා සමඟ සම්බන්ධකම් ගොඩනඟා ගනිමින් දකුණේ ඝාතන රැසකට සම්බන්ධ විය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර -   ගිය ජනවාරි 13 වැනිදා වත්තල , හේකිත්ත පාර ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සිදුවුණා. මේ සිද්ධිය ජිවිතක්‍ෂයට පත්වුණේ ස්ටීවන් රාජේන්ද්‍රන් නොහොත් චාල්ස් යන අය සහ සුප්පයියා මදිවානන් නොහොත් මදී නමැති අයයි. මේ වෙඩි තැබීම සිදුකිරීම සඳහා සැකකරුවන් පැමිණ තිබුණේ වැගන්ආර් වර්ගයේ රථයකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකයේ නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු පරීක්‍ෂා කරමින් සිටී.

    මේ වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවන් පැමිණි වැගන්ආර් රථය රෝස පැහැයට හුරු රථයක්. එම රථය ඔස්සේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් විමර්ශන කටයුතු සිදු කළා. එය 2015.2016 වර්ෂවල ලියාපදිංචි කළ රෝස පැහැති වැගන්ආර් රථ 352ක විස්තර ලබාගෙන පොලිස් විශේෂ කාර්ය බලකාය එම විස්තර එකින් එක ඉතා සියුම්ව විශ්ලේෂණයට ලක් කළා. එකින් එක විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව එක වැගන්ආර් රථයක් සම්බන්ධයෙන් යම් යම් සැක සහිත පර්යේෂණයන් අනාවරණය වුණා. ඒ අනුව මෝදර කාකදූපත ප්‍ර දේශයේ කුලී පදනම මත නැවතී සිටි පුද්ගලයෙක් බාරයේ තිබු වැගන්ආර් රථයක් පිළිබඳව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සැක පහළ කළා.

    ඉන් අනතුරුව එම පුද්ගලයා සහ වැගන් ආර් රථය පිළිබඳව වැඩි දුරටත් විමර්ශන සිදුකරන අවස්ථාවේදී ඔහු එම නිවසින් පලාගොස් තිබෙනවා. එම පුද්ගලයා ජා-ඇල වැලිගම්පිටිය ප්‍ර දේශයේ නිවසක් කුලියට ලබාගෙන සිටින බවට විමර්ශනයේ දී අනාවරණය වුණා. ඒ ඔස්සේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරනු ලැබුවා. ඊයේ සවස මේ පුද්ගලයා ජා-ඇල වැලිගම්පිටිය ප්‍ර දේශයේ කුලී පදනම මත සිටි නිවසේ සිට කිලෝ මිටර් 02ක් ඈතින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට හැකියාව ලැබුණා මේ වැගන්ආර්ථ රථය ධාවනය වෙමින් තිබියදී නවතා පරීක්ෂාවට ලක් කරන්න.
    වැගන්ආර් රථයේ කාන්තාවක් දෙදෙනෙකු ඇතුලු පුද්ගලයින් සිව් දෙනෙකු සිටියා. ඒ වගේම මේ ව්‍යාජ අංකයට කූට ලේඛණ සකස් කරලා තිබුණා ව්‍යාජ රක්ෂණ සහතිකයක්, ව්‍යාජ ආදායම් බලපත්‍ර යක්. එම ව්‍යාජ අංකයටයි සකස් කරගෙන තිබුණේ.

    රෝස පැහැති වැගන් ආර් රථයේ වර්ණය සුදු පැහැති වර්ගයට සකස් කර තිබුණා. මේ රථයේ රියදුරා ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 103ක ප්‍රමාණයකුත්, ඉදිරියෙන් පම් පස අසුනේ ගමන් ගත් පුද්ගලයාගේ හෙරොයින් ග්‍රෑම් 205ක ප්‍රමාණයකුත් සොයා ගැනිමට හැකියාව ලැබුණා. වැගන්ආර් රථයේ රියදුරු ලෙස කටයුතු කළේ අවුරුදු 26ක් වන කලුආරච්චිගේ සුමින්ද මධුශංක නොහොත් ශංක. අනෙක් සැකකරු ඩිලක්ෂ මධුශංක ප්‍රේමසාර නොහොත් මලිදු නමැති අවුරුදු 29ක් වු පුද්ගලයෙක්.මේ සියලු දෙනාම පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්වෙනවා.

    රියදුරු වශයෙන් කටයුතු කළ පුද්ගලයාගේ නිවස ඊයේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පරීක්‍ෂා කළා. එහි අඟුලු දමා තිබූ කාමරයක තිබී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් තවත් හෙරොයින් කිලෝ 15ක් සහ ග්‍රෑම් 426ක්. ඒවගේ හෂීස් නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය කිලෝ 4ක් සොයා ගනු ලැබුවා. ඊයේ දිනයේ දී සොයා ගනු ලැබූ සමස්ත හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 25ක් පමණ වනවා.

    මෙම කාමරයේ තිබී විදේශීය නිෂ්පාදිත රිවෝල්වරයක් සහ දේශීය නිෂ්පාදක රිවෝල්වර 3ක් සොයා ගෙන තිබෙනවා. ඒ වගේම 2018 ජුලි මස පිටකොටුව ආඩිවේල් මාවතේ දී වෙඩි තබා ඝාතනය කරනු ලැබූ කොළඹ නාගරික මන්ත්‍රී ක්‍රිෂ්ණපිලේ පිරුබානන්දන් මරණයටත් මෙම වාහනයේ රියදුරු සම්බන්ධ බවට අනාවරණය වී තිබෙනවා.

    නාගරික මන්ත්‍රීවරයා වෙඩිතබා ඝාතනය කිරිමට පැමිණි බවට සැක කෙරෙන යතුරු පැදිය ඊයේ පරීක්‍ෂා කළ නිවසේ තිබී පොලිස් විශේෂ කාර්ය බලකායෙන් සොයාගත්තා. ඒ වගේම පිටකොටුව වේල්ලවේදීයේ අජා නමැති අයෙකු වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියටත් සම්බන්ධ බවට සැක කෙරෙන්නේ ඊයේ අත්අඩංගුවට ගත් මලිඳු නමැති සැකකරු බවයි. මෙම වැටලීම පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කිරීමෙන් පසු අත්අඩංගුවටගෙත් පුද්ගලයින් සහ විෂ මත්ද්‍රව්‍ය සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය වෙත බාරදී තිබෙනවා.

     

    Last modified on සෙනසුරාදා, 16 මාර්තු 2019 20:39

    Latest News