හේකිත්තේදී 02ක් සමඟ හෙරොයින් අත්අඩංගුවට

මාර් 15, 2019

    ජා-ඇළ ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී හෙරොයින් කිලෝ 15ක් සහ ඈෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 5ක් විශේෂ කාර්ය පොලිස් බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    විශේෂ කාර්ය බලකාය ජා-ඇල වැලිගම්පිටිය ප්‍රදේශයේ දී මෝටර් රථයක් පරීක්‍ෂා කිරීමේදී හෙරොයින් කිලෝ 01ක ප්‍රමාණයක් සොයාගත් බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    ඒ අනුව ලද තොරතුරු අනුව ජා-ඇළ ප්‍රදේශයේ නිවස පරීක්‍ෂා කිරීමේදී හෙරොයින් සහ ඈෂ් මත්ද්‍රව්‍ය සමඟ තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැණින. එහිදී  ගිනි අවි 4ක්, ව්‍යාජ අංක තහඩු 15ක් ජීව පතොරම් සහ ජාතික හැඳුනුම්පත් කිහිපයක් ද සොයා ගෙන ඇත.

    අත්අඩංගුවට පත් සැකකරුවන් චමින්ද මධුශංක සහ නිලංග මධුශංක යන අය වන අතර, මොවුන් වත්තල හේකිත්ත ප්‍රදේශයේ දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් බවට අනාවරණය වී තිබේ.

    Last modified on සිකුරාදා, 15 මාර්තු 2019 19:43

    Latest News