සංවර්ධනයට කටයුතුවලට බාධා චක්‍රලේඛ සංශෝධනය කෙරේ...

සැප් 09, 2022

    ‍සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී චක්‍රලේඛ බාධාවක් වී ඇත්නම්, ඒවා කඩිනමින් සංශෝධනය කරන ලෙස, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නා.  

    ඉන්දීය ආයෝජන සහයෝගිතාව මත රට තුළ ක්‍රියාත්මක හා යෝජිත සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම උපදෙස් දී තිබෙනවා. සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදී. මෙරට ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජේකොබ් මහතා ද සාකච්ඡාවට එක්වුණා. ඉන්දීය ආයෝජන මත මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය සම්බන්ධයෙන් මතුව ඇති බාධා, කඩිනමින් නිරාකරණය කරගන්නා ලෙසයි, ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දුන්නේ. පසුගිය රජයන් වරින් වර නිකුත් කර ඇති චක්‍රලේඛවල ඇතුළත් විධි විධාන, සංවර්ධනයට බාධාවක් වී ඇත්නම් ඒවා කඩිනමින් නිවැරදි කරගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පැහැදිලි කළා. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උප‍දේශක සාගල රත්නායක මහතා සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සාකච්ඡාවට එක්වුණා.

    Latest News