දමිතා අබේරත්න අත්අඩංගුවට

සැප් 08, 2022

    පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් පවතිනවා. ඒ කොටුව පොලීසියේදී.

    දමිතා අබේරත්න මහත්මිය ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මෝදර පොලීසිය විසින්.  ඒ, පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවකින් අනතුරුවයි. 

    ඉකුත් ජුලි මස ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනා මත ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව කොටුව පොලීසිය වෙත බාර දී තිබෙනවා. 

    මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දමිතා අබේරත්න මහත්මියගේ සුවදුක් බැලීමට අද පෙරවරුවේ එම පොලිස්ථානය වෙත පැමිණ සිටියා.

    Last modified on බ්‍රහස්පතින්දා, 08 සැප්තැම්බර් 2022 11:07

    Latest News