වැසි තත්ත්වය තවදුරටත්...

සැප් 03, 2022

    අද (03) සවස් කාලයේ සිට ඉදිරි දින කිහිපයේ, දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර සහ සබරගමුව පළාත් සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල) වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තුවේ.

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.  

    දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශ වලට ඍජුවම ඉහලින් පවතී. අද (03) දින දහවල් 12.10ට කාක්කපල්ලිය (පුත්තලම දිස්ත්‍රික්කය), හබරවැව (කුරුණෑගල දිස්ත්‍රික්කය), කිරිමැටියාව (මාතලේ දිස්ත්‍රික්කය), හබරාව (බදුල්ල දිස්ත්‍රික්කය), දිවුලාන (මඩකලපුව දිස්ත්‍රික්කය) යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

    Latest News