අද (03) කොළඹට පැය 18ක ජල කප්පාදුවක්...

සැප් 03, 2022

    අද (03) උදෑසන 08.00 සිට ඉදිරි පැය 18ක කාලය තුළ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා ඇත.

    ඒ අනුව, කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ වලට,  මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර සභා බල ප්‍රදේශ සහ රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි, එම මණ්ඩලය සඳහන් කරන්නේ. අඹතලේ පොම්පාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදුවන බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

    Latest News