2023 වසරේ පාසල් පෙළ පොත් ලබාදීමට අවශ්‍ය මූලික කටයුතු අවසන් - අධ්‍යාපන අමාත්‍යාංශය

අගෝ 31, 2022

    2023 වර්ෂය සඳහා පාසල් පෙළ පොත් ලබාදීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විට අවසන් කර ඇති බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

    ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 16.5ක්. පාසල් පෙළ පොත් මුද්‍රණයට සහ විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණයට පිළිතුරු ලිවීමේ කඩදාසි ආදිය සඳහා ලිපි ද්‍රව්‍ය ඉන්දියානු ණය ආධාර යටතේ ආනයනය කෙරෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇති රාජ්‍ය මුද්‍රණ නීති ගත සංස්ථාව මුළු පෙළ පොත් පිටපත් ප්‍රමාණයෙන් සියයට 45 ක් මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය මේ වන විටත් ලැබී තිබෙනවා. ඉතිරි පෙ‍ළ පොත් සියයට 55 සඳහා ප්‍රසම්පාදන පටිපාටිය මගින් තෝරා ගෙන ඇති පුද්ගලික මුද්‍රණකරුවන් සඳහා ඉන්දියානු ණය ක්‍රම යෝජනා යටතේ  ලැබෙන කඩදාසි ලබාදීමට කටයුතු කළේ. ඉදිරි වර්ෂයේදී බාධාවකින් තොරව අධ්‍යාපන කටයුතු කර ගෙන යාමට අවශ්‍ය කටයුතු අවසන් කර ඇති බව, අධ්‍යපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

    Latest News