යාපනය සිසුන්ගෙන් සාර්ථක අන්නාසි වගාවක්...

අගෝ 30, 2022

    යාපනය හින්දු විද්‍යාලයේ සිසුන් පිරිසක්, පෝච්චි තුළ මොරීසියස් වර්ගයේ අන්නාසි වගාවක් සාර්ථකව සිදු කර තිබෙනවා.

    උසස් පෙළ විෂය ධාරාවේ ජෛව පද්ධති තාක්ෂණවේදය සහ සාමාන්‍ය පෙළ විෂය ධාරාවේ කෘෂිකර්ම විෂය හදාරණ සිසුන් පිරිසක් විසිනුයි, මෙම වගාව සිදු කර ඇත්තේ. පසුගිය වසරේ ආරම්භ කෙරුණු මෙම වගාව, අද වන විට සාර්ථක වීම හේතුවෙන්, හොඳ අස්වැන්නක් ලැබී තිබෙනවා. ජෛව පද්ධති තාක්ෂණවේදය උගන්වන ගුරුවරුන් වන නාගලිංගම් ශ්‍රීදරන් හා කුමාරස්වාමි කැලෙයිතීපන් යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් වගාව සිදු කෙරෙනවා. ඔවුන් ප්‍රකාශ කරන්නේ, කුඩා ඉඩ ප්‍රමාණ ඇති ප්‍රදේශවල මෙම ක්‍රමයට අන්නාසි වගා කිරීම සාර්ථක ක්‍රමයක් බවයි. අනාගතයේ ඇති විය හැකි ආහාර හිඟයේදී පවා මෙවැනි බදුන් ක්‍රමයට වගා කිරීම තුළින් එය මඟහරවා ගැනීමට හැකි බවයි, ඔවුන් ප්‍රකාශ කළේ.

    විදුහල්පති රද්නම් සෙන්දිල්මාරන් මහතා පවසන්නේ, මේ දිනවල අන්නාසි මිල ඉහළ ගොස් ඇති බැවින්, වගාවෙන් වැඩි ලාබයක් ලබා ගත හැකි බවයි.

    Latest News