2022 මුදල් වර්ෂයේ විසර්ජන පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට

අගෝ 29, 2022

    2022 මුදල් වර්ෂයේ ඉතිරි කාලය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    ඒ, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්. 2021 අංක 30 දරණ පෙර ඉදිරිපත් කරන ලද, විසර්ජන පනතට සංශෝධනයක් වශයෙනුයි, ඉදිරිපත් කෙරෙන්නේ.

    ජනාධිපතිවරයා, සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීමේ සමාරම්භක කථාව හෙට සිදු කිරීමට නියමිතව තිබෙනවා. අනතුරුව, අදාළ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය ලබන 31 සහ සැප්තැම්බර් 01 සහ 02 දිනවල පැවැත්වෙනවා.

    2022 මුදල් වර්ෂය සඳහා අවශ්‍ය සේවා වියදම් සහ විධිවිධාන සැලසීමේ අරමුණින් එවකට මුදල් අමාත්‍යවරයාව සිටි බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද විසර්ජන පනත් කෙටුම්පත විවාදයට ගැනීමෙන් අනතුරුව, පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණා. පනතක් වශයෙන් එය, 2021 දෙසැම්බර් 10 වැනි දින සහතික කරන ලද අතර, එය 2021 අංක 30  දරණ විසර්ජන පනත බවට පත් විය.                                                                          

    ජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා, ඉකුත් ජූලි 28 වැනිදා පාර්ලිමේන්තුව වාර අවසාන කළ අතර, 2022 අගෝස්තු 03 වැනි දින නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරය ආරම්භ කරනු ලැබුවා.

    අභිනව ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා තම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් නව අයවැයක් ඉදිරිපත් කරන බව, එහිදී ප්‍රකාශ කළා.

    2021 අංක 30 දරණ විසර්ජන පනත් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ පළමු වැනි වර කියවීම වශයෙන් පසුගිය අගෝස්තු 9 වැනිදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරනු ලැබුවා.

    Latest News