ජපාන තානාපති සහ ජනපති අතර හමුවක්...

අගෝ 24, 2022

    ජපාන තානාපති, මිසුකොෂි හිදෙයිකි මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක්,  අද පැවැත්වුණා.

    ඒ, ජනාධිපති කාර්යාලයේ දී.  ජපාන තානාපතිවරයා මෙහිදී ප්‍රථමයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත ජපාන අධිරාජ්‍යා වන "හිරොනොමියා නරහිතෝ" මහතාගේ සුභාශිංසන එක්කළා. අනතුරුව තානාපතිවරයා එතුමා සමග සුහඳ කතා බහක නිරත වුණා. හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා "සැන්ප්‍රැන්සිස්කෝ සාම සමුළුව" අමතා වසර 70 ක් පිරීම නිමිත්තෙන් විශේෂ  වැඩසටහනක් සැප්තැම්බර් 6 වැනිදා පැවැත්වෙනවා. ඒ පිළිබඳව ද මෙහිදි සාකච්ඡා කෙරුණා. ජපාන තානාපති කාර්යාලය, එම වැඩසටහන සංවිාධන කරන්නේ  ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හා එක්වයි.  

    Latest News