ඉන්ධන පිරවුම්හල් 12ක ඉන්ධන සැපයුම අත්හිටුවයි

අගෝ 20, 2022

    ජාතික ඉන්ධන බලපත්‍රය යටතේ අවම දායකත්වයක් දැක්වූ ඉන්ධන පිරවුම්හල් 12ක ඉන්ධන සැපයුම තාවකාලිකව අත්හිටවා තිබේ.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෙළෙඳ අංශ සමඟ පැවති ප්‍රගති සමාලෝචන හමුවේදී  අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ.  

    මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජාතික ඉන්ධන බලපත්‍රය භාවිතා කිරිමේදී පිරවුම්හල් කටයුතුකර ඇති ආකාරය සම්බන්ධයෙන් ද නිරීක්ෂණය කර තිබේ.

    එහිදි මෙම ක්‍රමවේදයට අවම ලෙස දායක වූ පිරිවුමහල් 12ක් හඳුනාගෙන තිබේ. 

    එමෙන්ම මෙම ක්‍රමවේදයට ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් මහජන පැමිණිලි ලෙස ලැබී ඇති තොරතුරුද අදාල පොලිස් ස්ථාන වෙත ලබා දී අඛණ්ඩව නියාමන කටයුතු සිදු කරන ලෙසටද අමාත්‍ය කංචන විජේසේකර මහතා දැනුම් දී තිබේ. 

    Latest News