වී මෙට්‍රික් ටොන් 331 ක් ඊයේ (20) රජය මිලදී ගනී...

අගෝ 20, 2022

    පසුගිය 17 සිට යල කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීමට රජය කටයුතු කර ඇත.

    ඒ අනුව, ඊයේ (19) දිනයේදී වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගන්නා ලද වී අස්වනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 331 කි. යල කන්නයේ වී වගා කළ ගොවීන්ට හොඳ මිලක් ලබා දීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ලබාදුන් උපදෙස් මත වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලයට කටයුතු කරමින් සිටී. වී මිලදී ගැනීම සඳහා ගබඩා 73 ක් ඊයේ දිනයේදී විවෘත කර තිබුණි.

    දැනට ගොයම් කපා අවසන් කළ හා දැනට ගොයම් කපන ප්‍රදේශ ඉළක්ක කරමින් ගබඩා විවෘතව කර තැබීමට වැඩි අවධානයක් යොමුකර ඇත. ඒ අනුව, වී මිලදී ගැනීම සිදුවන දෙවන දිනය වන ඊයේ දිනය තුළ වී මෙට්‍රික් ටොන් 332ක් මිලදී ගැනීමට හැකිවූ බව සභාපති නීල් ද අල්විස් මහතා ප්‍රකාශ කරන ලදි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී ගබඩා 29 න් 27 ක්ම මේ වනවිට විවෘතව ඇත. වී මිල දී ගැනීම සඳහා රජය විසින් රුපියල් මිලියන 2,000ක් වැය කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

    Latest News