අන්තරේ කැඳවුම්කරු ඇතුළු තිදෙනෙකුට රැඳවුම් නියෝග

අගෝ 20, 2022

    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පිරිසක් විසින් පැවැත්වු උද්ෂෝණයකින් අනතුරුව පොලිස් අත්අඩංගුවට පත් එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ හෂාන් ගුණතිලක යන දෙදෙනාව දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පොලිසියට අවසර දී තිබේ.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක අමාත්‍යවරයාට පවරෙන බලතල ප්‍රකාරව මෙලෙස රැඳවුම් නියෝග නිකුත් කොට ඇත. 

    මේ අතර පසුගියදා (18) අත්අඩංගුවට ගත් සැකකරුවන් 19 දෙනා අතුරින් 16 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (19) නියෝග කළේය. 

    ඒ මෙම සැකකරුවන් කොම්පඤ්ඤ වීදිය පොලිසිය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. ඉලංගසිංහ මහතා හමුවට පමුණුවනු ලැබිමෙන් පසුවයි.එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කළේය. මෙසේ ඇප මත මුදා හළ පිරිසට හිමිවරු තුන් දෙනෙකු ද ඇතුළත්.

    Latest News