බිත්තර මිල පහළට...

අගෝ 19, 2022

    ලබන සඳුදා සිට බිත්තරයක මිල රුපියල් පහකින් පහත හෙළන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

    අද අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි, ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ. සාකච්ඡාව පැවැත්වුණේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී, සාකච්ඡාව සඳහා සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින් මෙන්ම කුකුළ් මස් සංගමයේ නිලධාරින්, පශූ වෛද්‍ය නිලධාරින්, වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය ටී.බී.හේරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

    Latest News