අගමැතිතුමා සහ පකිස්තාන මහ කොමසාරිස් අතර හමුව...

අගෝ 18, 2022

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් උමර් ‍ෆාරුක් බර්කි මහතා අතර හමුවක් අද පැවැත්වුණා.

    ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී. දීර්ඝ කාලීන ශක්තිමත් මිත්‍ර සම්බන්ධතාවක් සහිත ශ්‍රී ලංකාවට පකිස්තානයේ සහය දීර්ඝකාලීනව ලබා දෙන බව, මහ කොමසාරිස්වරයා මෙහිදි කියා සිටියා. ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීමට ජාත්‍යන්තර වේදිකාවලදී නිරන්තරයෙන් පෙනී සිටීම පිළිබඳ මෙහිදී අග්‍රාමාත්‍යවරයා පකිස්තානයට සිය කෘතවේදීත්වය ප්‍රකාශ කළා. වාණිජ, ආයෝජන, අධ්‍යාපන, තාක්ෂණික, සංචාරක හා සත්ව ගොවිපොළ සහ කිරි නිෂ්පාදන මධ්‍යස්ථාන ආදී ක්ෂේත්‍ර වර්ධනය කර ගැනීමේ හැකියාව ගැන හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. ලාංකික බෞද්ධයින්ට තක්ෂිලාව ඇතුළු පාකිස්තානයේ පෞරාණික බෞද්ධ මධ්‍යස්ථානවල සංචාරයේ යෙදීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා පකිස්තාන මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියා. මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ද එක්ව සිටියා.

    Latest News