මෙරට කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පියවර

අගෝ 16, 2022

    මෙරට කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පියවර ගන්නා බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

    කටානේ පිහිටි කාබනික පොහොර නිෂ්පාදන ආයතනයක් නිරීක්‍ෂණය කිරීමේ අවස්ථාවට එක් වෙමින්, අමාත්‍යවරයා ඊයේ මේ බව කියා සිටියා.

    මේ වන විට මෙම ආයතනය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ගොවීන්ට කාබනික පොහොර බෙදා හැරීමේ නිරතව සිටිනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් නිරීක්‍ෂණ චාරිකාවට එක්ව සිටියා.

    Latest News