සංචාරයකයින්ගේ පැමිණිමේ වර්ධනයක්...

අගෝ 13, 2022

    පසුගිය කාලයේ පසුබැසීමට ලක්ව තිබු විදෙස් සංචාරයකයින්ගේ පැමිණිමේ වර්ධනයක් මේ දිනවල දක්නට ලැබෙනවා.

    අප වාර්තාකරු පවසන්නේ, කටුනායක ගුවන්තොටුපොළින් සංචාරකයින් විශාල පිරිසක් අද (13) දිනයේත් මෙරටට පැමිණි බවයි.  සංචාරකයින් කුඩා කණ්ඩායම් සහ විශාල කණ්ඩායම් වශයෙන් මෙලෙස කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සි‍ටි අයුරු දක්නට ලැබුණා. සංචාරකයින්ට මෙන්ම සංචාරක මග පෙන්වන්නන් සඳහා ද අවශ්‍ය පහසුකම් සලසා දීමට කටුනායක ගුවන්තොටුපොළ පියවර ගෙන තිබෙනවා. කැනඩාව, ජෝජියාව, යුරෝපය ආදී රටවලින් සංචාරයකයින් පැමිණ සිටි අතර ඔවුන් පවසන්නේ මෙරට සංචාරය සඳහා තමන් ඉතා උද්යෝගයෙන් සහභාගි වන බවයි.

    Latest News