සිසුන් ප්‍රවාහනය කළ ලොරියක් අනතුරක...

අගෝ 09, 2022

    ‍‍බිබිල-දොඩන්ගොල්ල ප්‍රදේශයේ දී පාසල් සිසුන් ප්‍රවාහනය කළ ලොරියක්, මාර්ගය හරහා පෙරලියාමෙන් සිසුන් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

    අනතුර අද උදේ සිදු වුණා. තුවාල ලැබූ දරුවන් වයස අවුරුදු 15ත් 16 අතර පසුවනවා. දෙදෙනෙකු තත්වය බරපතල බවයි, වාර්තා වන්නේ. සිසුන් සමග ලොරි රථය, වෙල්ලස්ස - ජාතික පාසලේ පැවැත්වෙන ක්‍රීඩා උත්සවයකට යමින් තිබුණා. අනතු‍රින් ලොරියේ රියදුරු ද සුළු තුවාල ලැබුවා. තුවාලකරුවන් බිබිල - මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

    Latest News