රාජ්‍ය ආයතන තුළ බුලත්විට-දුම්කොළයට තහනමක්

මාර් 13, 2019

    රාජ්‍ය ආයතනයන් තුළ බුලත් විට, දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය හා විකිණිම තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.

      පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුමැතිය හිමි වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

    ලොව පුරා පවතින රෝග අතුරින් වැඩිම අවදානමක් ඇති පිළිකා රෝගය දිනෙන් දින වැඩි වීම හේතුවෙන් එය පාලනය සඳහා පියවරක් ලෙස මෙම පියවර ගෙන තිබේ.

    2015 වසරේ දී ශ්‍රී ලංකාවේ සිදු කළ බෝනොවන රෝග වලට අදාල අවධානම් සහගත පිළිබද සමීක්ෂණයට අනුව වයස අවුරුදු 18-65 ත් අතර වැඩිහිටි පිරිමි අතරින් 26% ක් සහ කාන්තාවන් අතරින් 5% ක් දුම්රහිත දුම්කොළ භාවිතා කරන බවට තහවුරු ඇතැයිද අමාත්‍යංශය පවසයි. දුම්රහිත දුම්කොළ අඩංගු ද්‍රව්‍ය නිෂ්පාදනය, ආනයනය, විකිණීම සහ විකිණීමට ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකාව පුරා දැනටමත් තහනම් කර ඇත.

    බුලත්විට, දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය සහ විකිණීම තහනම් කිරිමෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් හට පරිපාලන ක්‍රියාමාර්ගවලට අවස්තාව ඇතැයි අමාත්‍යංශය පවසයි.

     

     

     

    Latest News