රන්ජන්ගෙන් පාර්ලිමේන්තුවට රුධිර පරීක්ෂාවක් (වීඩියෝ)

මාර් 13, 2019

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් මාස 6කට වරක් මත්ද්‍රව්‍ය සම්බන්ධ රුධිර පරීක්ෂාවක් සිදුකළ යුතු යැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා යෝජනා කරයි.

    ඒ පිළිබඳ අදහස් දක්වන රාජ්‍ය අමාත්‍යවරයා...
    " කොකේන්වලත් නිල්පාට කොකේන්, කොළ පාට කොකේන්, රතුපාට කොකේන් කියලා නැහැ. විමල් වීරවංශ මහතාගේ පක්ෂයේ දෙදෙනෙක් ඉන්නවා, ආණ්ඩු පක්ෂයේ පස් දෙනෙක් ඉන්නවා, අනිත් සියළුදෙනා පොදු විපක්ෂයේ. මගේ සටනට උදව් කළේ බුද්ධික පතිරණ මහතා පමණයි. ඔහුට සහ මට මත්ද්‍රව්‍ය 11ක් සම්බන්ධව එවායින් තොර යැයි වෛද්‍ය වාර්තාව ලැබුනා. ඒවගේම සජිත් ප්‍රේමදාස මහතා, අතුරලියේ රතන හිමි සහ සුසිල් ප්‍රේමජයන්ත මහතා කැමැත්තෙන් ඉන්නවා මේ පරීක්ෂාව සිදු කරන්න. මම යෝජනා කරනවා අහඹු ලෙස වෛද්‍ය කණ්ඩායමක් මගින් මෙම මත්ද්‍රව්‍ය පරීක්ෂාව කරන්න කියලා. ඒක කරන එක හොඳයි. ඒ සම්බන්ධව සමහර අයට කේන්ති යෑම සම්බන්ධව හිතාගන්න බෑ" යැයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියි.

    Last modified on බදාදා, 13 මාර්තු 2019 16:22

    Latest News