ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද...

අගෝ 07, 2022

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද (07) වීදි සංචාරය කිරීමට නියමිතයි.

    එය ආරම්භ කෙරෙන්නේ, පස්වරු 7. 44 ට යෙදී ඇති සුබ නැකතින්. අවසන් කුඹල් පෙරහර, ඊ‍යේ පැවැත්වුණේ, පස්වරු 7 පසු වී මිනිත්තු 15 ට යෙදුණු සුබ මොහොතින්. ශ්‍රී දළදා මාලිගාවේ ඉන්දිරාජා හස්තියා සධාතුක කරඬුව වැඩම කරවනු ලැබූ අතර, බුරුම රාජා සහ මියන් රාජා දෑලේ ඇතුන් ලෙස ගමන් කළා.

    අද ආරම්භ වන පළමු රන්දෝලි පෙරහර සඳහා ශ්‍රී දළදා මාලිගා පෙරහර, නාථ, විශ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහ දේවාල පෙරහර ද සමගින් වීදි සංචාරයට එක් වීමට නියමිතයි. පෙරහර දළදා වීදිය, ඩී එස් සේනානායක වීදිය, පන්සල පාර ඔස්සේ ඉහළට පැමිණ, දේව වීදිය, කොළඹ වීදිය, කටුගොඩැල්ල වීදිය, හරස් වීදිය, ඩී එස් සේනානායක වීදිය ඔස්සේ ගමන් කොට, රජ වීදියෙන් යළි ගෙවදීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 07 අගෝස්තු 2022 11:20

    Latest News