ප්‍රදේශ කිහිපයක විටින් විට වැසි...

අගෝ 07, 2022

    සබරගමුව පළාතේත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    බස්නාහිර සහ වයඹ පළත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50ක් දක්වා වැඩි විය හැකියි. හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවී‍මේ හැකියාව පවතිනවා.

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දිග දක්වා වන දිශාවලින් හමා යන අතර, සුළගේ වේගය පැයට කිලෝමීටර 30 ත් 40 ත් අතර වේ. පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 60 දක්වා වැඩිවිය හැකියි.
    පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 දක්වා වැඩිවීමේ හැකියාව පවතිනවා. එසේම, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි අතර, දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ ද මද වශයෙන් රළු විය හැකියි. එම නිසා ධීවර සහ නාවික ප්‍රජාවට මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි, කාලගුණ දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

    Latest News