ජනපතිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්ගෙන් සුබපැතුම්...

අගෝ 06, 2022

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්(AntonioGuterres)මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුභාශිංසන එක් කර තිබේ.  

    ජනාධිපතිතුමා වෙත පසුගිය (03) දා විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් මහ ලේකම්වරයා පවසා ඇත්තේ රට මුහුණදී සිටින වත්මන අභියෝග ජයගැනීමට හිතකර පරිසරයක් හා ස්ථාවරත්වයක් ගොඩනැගීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තීරණාත්මකවනු ඇති බවයි.  

    මෙම භියෝගවලට මුහුණදීම සඳහා ජාතික උපාය මාර්ගයක් සකස්කිරීමේදී සියලු දේශපාලන පක්ෂ අතර සම්මුතියක් ඇතිකරගැනීමට ජනාධිපතිතුමා දක්වන කැපවීම එක්සත්ජාතීන්ගේ මහලේකම්තුමා පිළිගෙන ඇති අතර එසේ කිරීමේදී, මහජනතාව සමඟ අදහස් විමසීමෙන් නීතියේ ආධිපත්‍යය සහ මූලික මානව හිමිකම් මූලධර්මවලට ගරුකිරීම ඇතුළු සියලුම පාර්ශවකරුවන් අතර සංවාදය දිරිමත්කිරීමේ වැදගත්කම ද පෙන්වාදී ඇත.  

    තවද, කාන්තාවගේ දේශපාලන සහභාගීත්වය සඳහා ශ්‍රී ලංකාව දරණ උත්සාහය පිළිගැනීමට සහ ප්‍රගතිය වේගවත්කිරීම සඳහා ජනාධිපතිතුමාගේ නායකත්වය දිරිමත්කිරීමට සහයෝගය පළ කරඇත.  එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ක්ෂණික හා දිගුකාලීන අවශ්‍යතා සපුරාලීමට සහය දැක්වීමට සූදානමින් සිටිනඅතර සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සාමය ගොඩනැගීම, තිරසර සංවර්ධනය සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙනයාමට අපේක්ෂා කරන බවද පවසා ඇත.

    Latest News