මහාගත්කරු, ‍‍‍මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ 46 වැනි ගුණ සමරුව...

අගෝ 06, 2022

    මහාගත්කරු, ‍‍‍මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ 46 වැනි ගුණ සමරුව පසුගිය 23 වැනි දිනට යෙදී තිබුණා.

    ඒ, නිමිත්තෙන් සංවිධාන කළ ගුණ සමරු දේශනයක් පසුගියදා  කොළඹ - රුසියානු මන්දරයේදී පැවැත්වුණා.“මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය” මෙය සංවිධාන කළා. දේශනය  පවත්වනු ලැබුවේ ආචාර්ය ඩබ්ලිව්. ඒ. අබේසිංහ මහතා විසින්.

    කොළඹ - රුසියානු මන්දිරයේ අධ්‍යක්ෂිකා අනස්තාසියා හහ්ලෝවා මහත්මිය ඇතුළු විද්වතුන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. “මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ” සහකාර ලේකම් මාලින් වික්‍රමසිංහ මහතා අතින්, රුසියානු කේනද්‍ර පුස්තකාලය සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් පළ වී ඇති  ග්‍රන්ථ කිහිපයක් අනස්තාසියා මහත්මියට පිරිනමුණු ලැබුවා.

    Latest News