මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර අද... (වීඩියෝ)

අගෝ 06, 2022
  • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර, අද (06) වීථි සංචාරය කිරීමට නියමිතයි.

    ඒ, අද පස්වරු 7 පසුවී මිනිත්තු 15 ට යෙදෙන සුබ නැකතින්.  ඊයේ පැවැති  සිව්වැනි කුඹල් පෙරහර නැරඹීමට විශාල පිරිසක් එක්ව සිටියා.  ඊයේ පෙරහර ආරම්භ කෙරුණේ, දකුණු දිශාභිමුඛව පස්වරු 7 පසුවී මිනිත්තු 9යට යෙදුණු සුබ මොහොතින්. ශ්‍රී දළදා මලිගාවේ ඉන්දි රාජ හස්තියා විසින් සාදාතුක කරඬුව වැඩම වනු ලැබුවා. බුරුමරාජා හා මියන්රාජා දෑලේ ඇතුන් ලෙස ගමන් කළා. ශ්‍රී දළදා මාලිගා පෙරහර නාථ,විශ්ණු,කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාල පෙරහර සමගින් වීදී සංචාරයට එක් වුණා.‍ ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භයේ සිට කඩින් කඩ මහනුවරට වැසි ඇද හැලුනත් සිව් වන කුඹල් පෙරහරට වර්ෂාවෙන් කිසිදු බාධාවක් සිදු වුණේ නැහැ. 

    Latest News