ඇරැව්වල මැණික කොල්ලලකෑ; පැගිරිවත්තේ සුද්දා අල්ලයි

මාර් 13, 2019

    ඇරැව්වල,පන්නිපිටිය නිවසක දියමන්තියක් හා මැණික් ගල් කොල්ලකෑමට අදාළව දෙල්කද දී පැගිරිවත්තේ සුද්දා නමැති සැකකරු( 40) මෝටර් රථයක් සමග අද (13) අත්අඩංගුවට ගෙන තිබේ.

    වෙල්ලඹගේ චමිල රංගන පෙරේරා නමැති මොහු 35/15, පැඟිරිවත්ත පාර, ගංගොඩවිල, නුගේගොඩ පදිංචිකරුවෙක්. සැකකරු සම්බන්ධයෙන් කරන ලද වැඩිදුර විමර්ශනයේ දී අනාවරණය කරගත් කරුණු අනූව මෙම දියමන්තිය හා මැණික් කොල්ලය සඳහා භාවිත කළ මෝටර් රථය පිළියන්දල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයා ඟැනිණ.

    සැකකරු හෙට (14) නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. වැටලීම සිදුකළේ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින්.

    Last modified on බදාදා, 13 මාර්තු 2019 18:54

    Latest News