ඇරැව්වලින් සොරාගත් කෝටි 500ක දියමන්තිය හමුවෙයි

මාර් 05, 2019

    පන්නිපිටිය - ඇරැව්වල නිවසකින් සොරාගත් රුපියල් කෝටි 700 වටිනා මැණික් සහ දියමන්ති වලින් රුපියල් කෝටි 500ක් වටිනා දියමන්තිය සොයා ගෙන තිබේ.

    පැලියගොඩ පොලිස් අපරාධ කොඨටාසයෙන් අත්අඩංගුවට ගත් කැලුම් සම්පත් නමැති අපරාධකරුගෙන් ලද තොරතුරු අනූව පානදුර කෙසෙල්වත්ත නිවසක සඟවා තිබිය දී දියමන්තිය සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

    මහාරගම පන්නිපිටියේ නිවසකින් රුපියල් කෝටි 700 වටින මැණික් සහ දියමන්ති කොල්ලකෑම නොවැම්බර් 05 වැනිදා සිදුකෙරිණ. මංකොල්ල කණ්ඩායම පොලිස් නිළධාරින් ලෙසින් නිවසට ඇතුල්ව මැණික් සහ දියමන්තිය කොල්ලකා පලායන අවස්ථාවේ මැණික් මිළදී ගැනීමට පැමිණි විදේශිකයෙක්ද පැහැරගෙන ගොස් තිබේ. පසුව ඔහුව මග අතහැර දමා ගොස් තිබියදි පොලිසිය විසින් සොයාගනු ලැබිණ.

    මෙම මැණික් හ දියමන්ති කොල්ලය සම්බන්ධයෙන් පාරික්ෂණ පැවැත්විමට පොලිස් කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මකව සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යලය පවසයි.

    එ අනුව කොල්ලයට සම්බ්න්ධ බවට සැක පිට ප්‍රථම සැකකරු නුගේගොඩ මිරිහන විශේෂ අපරාධ මෙහේයුම් එකකය විසින් අත්අඩංගුවට ගනු ලැබිණ. මෙම සැකකරු මාතර පදිංචි තුසිත මදුරංග හෙවත් මාතර මල්ලි නමින් හඳින්වෙන අතර ඔහු රත්මලාන ප්‍රදේශයේ සිටියදි අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම පසුගිය දෙසැමබ්ර් 01 පළමු වෙනිදා හෝ ඊට ආසන්න දිනක දී සිදුව ඇති අතර දෙසැම්බර් 02 වැනිදා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    මැණික් සහ දියමන්ති පැහැර ගැනිමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙවන සැකකරු වත්තල වෙඩිකන්දේ පදිංචි කසුන් ධනංජය හෙවත් වෙඩිකන්දේ කසුන් මිරිහන විශේෂ අපරාධ මෙහේයුම් එකකය විසින් අත්අඩංගුවට ගනු ලැබිණ. හදුනා ගැනිමේ පෙරට්ටුවකින් පසු ඔහුව ජනවාරි 20 වැනිදා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

    තෙවන සැකකරු ලෙස කැලුම් සම්පත් නමැති අපරාධකරු පෑලියගොඩ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගෙන් ලද තොරතුරු අනුව රුපියල් කෝටි 500ක් වටිනා දියමන්තිය පානදුර කෙසෙල්වත්ත නිවසක සඟවා තිබියදි සොයාගත් බව පොලිසිය පවසයි. තවදුරටත් ඔහුගේ පිටිගල නිවස පරීක්ෂා කිරීමේ දී  රු. ලක්ෂ 150ක මුදලක් සොයා ගෙන තිබේ. මෙම මං කොල්ලය සඳහා භාවිතා කල හමුදා නිළ ඇදුම් මාකඳුරේ මධුෂ්ගේ ගෝලයකුගේ මාතර නිවසේ සඟවා තිබියදී පසු ගියදා පොලිසිය විසින් සොයා ගනු ලැබිණ.

    මහරගම පන්නිපිටිය නිවසින් පැහැරගත් දියමන්තිය පොලිසිය විසින් සොයා ගත්තා ද මැණික් තොගය සොයා ගැනීමට නොහැකිවි ඇත.

    diamond1 px 900 19 03 05

    Last modified on අඟහරුවාදා, 05 මාර්තු 2019 19:49

    Latest News