කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

අගෝ 03, 2022

    කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය දැනුම් දෙයි.

    ඒ වග ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිවීම හේතුවෙන්.

    මේ අතර කැලණිවැලි දුම්රිය මාර්ගයේ තවත් දුම්රියක් මහරගමදී පීලි පැනීම හේතුවෙන් දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ලවී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

    මේ අතර, උඩරට දුම්රිය මාර්ගයේ නායයාමකින් අද දුම්රිය රැසක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.  ඒ අනුව, කොටුව සිට බදුල්ල දක්වාත්, බදුල්ල සිට කොටුව දක්වාත් ධාවනය වීමට නියමිත දුම්රිය ගමන් වාර 6 ක් පමණ අවලංගු කෙරුණා.

      උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 15 ක පස් කඳු නායයාම නිසා දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කිරීමට දින කිහිපයක් ගතවිය හැකි බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන්නේ.

    Last modified on බදාදා, 03 අගෝස්තු 2022 10:03

    Latest News