දානිස් අලි රිමාන්ඩ්

අගෝ 01, 2022

    රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී එහි විකාශනවලට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධ බව සැකකෙරෙන දානිස් අලි නැමැත්තා ලබන 15 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    දින මෙම සැකකරු සම්බන්ධයෙන් ඇප නියෝගය ප්‍රකාශයට පත් කරන බවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා නියෝග කළේ.

    නඩුව අද පෙරවරුවේ මුලින්ම කැඳවූ අවස්ථාවේදී සැකකාරු බන්ධනාගාර වෙන නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

    ඒ අනුව සැකකරු හෙට දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබුණා.

    ඉන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු අධිකරණයට රැගෙනවිත් තිබුණා.

    පොලිසිය සහ විත්ති පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරු ලබන 15 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින ඇප නියෝගය ප්‍රකාශයට පත්කරන බවත් නිවේදනය කළා

    Last modified on සදුදා, 01 අගෝස්තු 2022 16:32

    Latest News