වැඩිකළ විදේශීය තැපැල් ගාස්තු අද සිට

අගෝ 01, 2022

    වැඩිකළ විදේශීය තැපැල් ගාස්තු අද (01) සිට ක්‍රියාත්මක වේ.



    ඒ අනුව විදේශ ගුවන් තැපැල් ගාස්තු සහ විදේශ මුහුදු තැපැල් ගාස්තු යන දෙවර්ගයම ඉහළ යනු ඇති.

    ඩොලරයේ වටිනාකම, ඉන්ධන මිල ඉහළ යාම, ගුවන් ගාස්තු සහ ලංගම සහ දුම්රිය ගාස්තු ඉහළ නැංවීම හේතුවෙන් සිදුව ඇති බලපෑම සැළකිල්ලට ගනිමින් වැඩි කළ විදේශීය තැපැල් ගාස්තු පසුගිය ජූලි 19 වනදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

    මෙලෙස විදේශ තැපැල් ගාස්තු සංශෝධනයට ලක්ව ඇත්තේ වසර හතරකට පසුව බවයි තැපැල්පති රංජිත් ආරියරත්න කියා සිටියේ.

     

    Post.jpg

    Latest News